මව රට ගිය අතරේ පියාගේ අතවරයට ලක්වූ දැරිය කොමියුනිකේෂන් එකට ආ තරුණයකු සමඟ පැන ගිහින්

මව රට ගිය අතරේ පියාගේ අතවරයට ලක්වූ දැරිය
කොමියුනිකේෂන් එකට ආ තරුණයකු සමඟ පැන ගිහින්

* රී - ලෝඩ් දාන්න ගිය අතරේ ඇතිවූ පෙම් සබඳතාවක්

* පෙම්වතා අත්අඩංගුවට : දැරිය මවට බාරදෙයි

මව මැද පෙරදිග ගෘහ සේවයට ගිය අතරේ පියා අතින් දූෂණයට ලක්වූ පසළොස් හැවිරිදි පාසල් සිසුවියක් තරුණයෙක් සමඟ පැනගිය පුවතක් නිට්ටඹුව පොලිසියෙන් වාර්තා වෙයි. බාල වයස්කාර පාසල් සිසුවියක් බලහත්කාරයෙන් නිවසේ රඳවා ගෙන ඇතැයි සිසුවියගේ මව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව නිට්ටඹුව පොලිසිය තරුණයා හා තරුණිය අත්අඩංගුවට ගත්තේය. තරුණිය තමා මෙවැනි හිතුවක්කාර තීරණයක් ගැනීමට හේතුව මෙසේ පැවසුවාය.

මට උගන්වන්නයි නිවස හදා ගන්නයි බලාපොරොත්තුවෙන් මාව රැක බලා ගන්න තාත්තට බාරදීලා අම්මා මැද පෙරදි. ගියා. අම්මා විදේශගත වී පළමු මාසෙ සිට තාත්තා නමට මුදල් එව්වා. හයමාසයක් පමණ ගතවෙනතුරු පරණ පුරුදු විදියට කුලී වැඩටත් යමින්, මගේ පාසල් ගමනටත් උදවු කරමින් හොඳින් හිටියා.

පස්සෙ තාත්තා වෙනස්වුණා. හැන්දෑවට බීලා එන්න පටන් ගත්තා. එහෙම වේලාවට මාව ළඟට අරගෙන වෙනදා නැති විදියට මාව අතපත ගාන්න පටන් ගත්තා. රෑට නිදා ගන්න ගියාම ලිංගික අතවර කළා. තාත්තගෙ හැසිරීම කියලා පිහිටක් රැකවරණයක් ලබා ගන්න කෙනෙක් හිටියෙ නැහැ. ඉවසන්න බැරිම තැන මම මේ බව අම්මට කීවා.

මේ දවස්වල තමයි අසේල හම්බවුනේ. ඔහු නිට්ටඹුවේ පදිංචිව සිටියත් අනුරාධපුර එළවළු වෙළඳ පොළේ තාවකාලික රැකියාවක් කරනවා කීවා. මම දිනක් ජංගම දුරකථනයට රීලෝඩ් එකක් දාන්න ගිය විට මගේ අංකය ඔහු සටහන් කරගෙන මට නිතර නිතර කතා කරන්නයි කෙටි පණිවුඩ(ඉර්ඉ) එවන්නයි පටන් ගත්තා. ඒ මගින් අපි දෙන්නා යාලුවුනා.

මේ අතර අම්මා විදේශ රැකියාව අත ඇරලා නිවසට ආවා. අම්මා දැක්කම තාත්තාට දැඩිසේ තරහා ගියා. අම්මට පහර දුන්නා. අම්මා ලංකාවට ආවට පස්සෙ තාත්තා වෙනදාටත් වඩා බිවුවා. පාසල නිමවී පැමිණෙන විට අසේල මා හමුවුණා. මම අසේලට නිවසේ තොරතුරු කීවා. පාසල් ගමනත් අතඇරල නිවසට හොරෙන් නිට්ටඹුවට යමුයි කියා ඔහු යෝජනා කළා.

පාසල් ඇඳුම ගලවලා බෝක්කුවක් යටට විසි කරලා වෙනත් ඇඳුමක් ඇඳගෙන අපි දෙන්නා නිට්ටඹුවට ආවා. පාළු ගෙදරක දින හතරක් හිටිය. මට දැනගන්න ලැබුණා අසේල බැඳලා දරු දෙදෙනෙක් ඉන්න පියෙක් බව. සිසුවියගේ මෑණියන් නිට්ටඹුව පොලිසිය වෙත කැඳවා තිබූ හෙයින් සිසුවිය මෑණියන්ට බාරදුන් පොලිස් ස්ථානාධිපතිවරයා තරුණයා අධිකරණය හමුවට පැමිණවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා