නරක් වී ඉවත දැමූ එළවළු ආපනශාලාවලට විකිණීමේ ජාවාරමක්

 

 

 

නරක් වී ඉවත දැමූ එළවළු ආපනශාලාවලට විකිණීමේ ජාවාරමක්

 අපද්‍රව්‍ය රේල් පාරේ දමා ඇති ආකාරයයි මේ.
ඡායාරූපය – මහරගම විශේෂ

කොට්ටාව නගරයේ ඇති වෙළෙඳ ආයතනයක දිනපතා නරක් වූ කුණු වූ අල, බී ලූනු, සුදුලූනු, රතුලූනු වැනි ද්‍රව්‍ය ගෝනිවලට පුරවා ආයතනය ඉදිරිපිට පාර අයිනේ තැබීම සිරිතක් ලෙස කරගෙන එයි.

කුඩුවලට ඇබ්බැහි වූ කිහිප දෙනෙක් මෙම නරක් වූ එළවළු ගෙන ගොස් අසල රේල් පාරේ තබාගෙන ඒවායේ නරක් වූ කොටස් කපා හැර, සෝදා අඩු මිලට නගරයේ ආපනශාලාවලට විකිණීමේ ජාවාරමක් සිදුවෙයි. මේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වය ගැන අදාළ ආයතනය හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය අධිකාරිය විමසිලිමත් නොවීම භයානක තත්ත්වයකි. ප්‍රදේශයේ පාරිභෝගිකයන් මේ පිළිබඳ අදාළ ආයතනයට දැනුම් දී ඇතත් ඒ සියල්ල බීරි අලියාට වීණා වැයුමක් වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා