‘දරුවා මගේ නොවෙයි’ කියා පැන ගිය පියකුගේ පීතෘත්වය ඩී එන් ඒ පරීක්ෂණයකින් තහවුරු වෙයි

‘දරුවා මගේ නොවෙයි’ කියා පැන ගිය පියකුගේ
පීතෘත්වය ඩී එන් ඒ පරීක්ෂණයකින් තහවුරු වෙයි

* වසර හයක් පෙම්කළ පෙම්වතියට ලැබුණු දරුවා පෙම්වතා ප්‍රතික්ෂේප කරයි

* පෙම්වතියට වන්දි ගෙවන්නැයි අධිකරණ නියෝගය පස් මසක් කඩකරලා

හය අවුරුද්දක් ඇසුරු කළ පෙම්වතියට දරුවකු ලැබුණු පසු දරුවා මගේ නොවේ” යැයි කියා මග හැර ගිය පෙම්වතකු පිළිබඳ වාර්තා විය. පසුව ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් දරුවා අදාළ පෙම්වතාගේ බව සනාථ විය.

අතීත සිද්ධිය මෙසේය.

දැදිගම පොලිස් වසමේ අස්සැල්ලේ පදිංචි තරුණියකට හිරිවඩුන්න ප්‍රදේශයේ තරුණයකු පෙම්බැඳ විවාහය සිදුනොකර වසර හයක් තරුණියගේ නිවසේ පදිංචි අඹුසැමියන් ලෙස හැසිරී ඇත. ඔහුට දාව ඇයට ගැහැණු දරුවකු ලැබුණි. පසුව දරුවා මගේ නොවෙයි කියා පෙම්වතා මගහැර ගියේය. ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් දරුවා අදාල පෙම්වතාගේ බව සනාථ වීමෙන් පසු දරාව භාරගෙන විවාහය සිදුකරන ලෙසට ඇය ඉල්ලා සිටියත් පෙම්වතා මගහැර ගොස් ඇත.

ඇය වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නීති ආධාර ලබාගෙන නඩත්තු මුදල් ලබාගැනීමට නඩුවක් පවරන ලදී. ඒ අනුව පෙම්වතාට දරුවාගේ නඩත්තු මුදල් වශයෙන් මසකට රුපියල් තුන්දහස් පන්සියයක මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කරන ලදී. මසක් පාසා නඩත්තු මුදල් නොගෙවා එකවර ලක්ෂ හතරක මුදලක් පෙම්වතියට දීමට පෙම්වතා ඇයව එකඟ කරවාගෙන නොතාරිස්වරයකු ඉදිරියේ අත්සන් කරන ලදී.

පසුව නඩත්තු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් තරුණයාට වරෙන්තුවක් අධිකරණය විසින් නිකුත් කරන ලදී. ඒ අනුව පෙම්වතාත් පෙම්වතියත් නැවත අධිකරණයට කැඳවන ලදී. එහිදී විනිසුරුවරයා තරුණයා අමතා මෙසේ පැවසීය. නඩත්තු මුදල් මාස පහක් ගෙවා නැහැ එම මුදල් ඔහුට එකවර ගෙවීමට නියෝග කරන ලදී. විත්තියේ නීතිඥ මුදල් ගෙවීම පිළිබඳ අත්සන් කළ ලිපිය පෙන්වා ඇත. විනිසුරුවරුද එය නොබලා උසාවියෙන් පරිභාහිරව කරන ලිපි සම්බන්ධව උසාවිය වග නොකියන හෙයින් නඩත්තු මුදල් මසක් පාසා නඩත්තු මුදල් ගෙවන ලෙස නියෝග කරන ලදී. පෙම්වතා අධිකරණයෙන් පිටව යද්දී දරුවා තාත්තේ තාත්තේ කියා කථාකළත් ඒ දෙසවත් නොබලා පෙම්වතා පිටව ගියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා