නංගිගේ පෙම්වතාට ‘යකෙක්’ යැයි රැවටිලා

නංගිගේ පෙම්වතාට ‘යකෙක්’ යැයි රැවටිලා

* පොලීසිය රස්තියාදු වෙයි

* තරුණයා පැන ගිහින්

තලාතුඔය, පොලිස් ස්ථානාධිපති කරුණාරත්න ගම්මන්පිල මහතාට ප්‍රදේශවාසියකුගෙන් රාත්‍රී 11.30 පමණ දුරකථන පණිවිඩයක් ලැබුණි.ඉන් කියවුණේ තම නිවෙසට යාබද නිවෙසකදී ග්‍රීස් යකෙකු අල්ලාගෙන සිටින පුවතකි.ග්‍රීස් යකා ඇල්ලුවාය, කියූ පුද්ගලයාගෙන් ස්ථානාධිපතිවරයා ප්‍රශ්න කළේය. “නැහැ සර්” එහෙම දෙයක් වුණේ නැහැ” යැයි එම පුද්ගලයා තතනමින් පැවැසීය.

“බොරු කියන්න එපා. තමුසේ ග්‍රීස් යකාව පන්නල අල්ලගත්ත. පස්සේ අතහැරිය. ඇත්ත කියනව , නැත්නම් අපේ කාලේ බොරුවට නාස්ති කලාට, අරංගිහින් කූඩුවේ දානවා.” අවසානයේදී රහස හෙලිවිය. එම නිවෙසේ තරුණියක හා පෙමින් බැඳුන තරුණයකු රාත්‍රී කාලයේ හොර රහසේ තරුණිය මුණගැසීමට පැමිණ තරුණියට සංඥාකොට නිවෙස අසළ සැඟවී සිට ඇත. නිවෙසේ වහලට කිසියම් දෙයක් වැටුණු හඬින්, සැක පහළ කළ ඉහතකී පුද්ගලයාට නිවෙස, අසළ රැක සිටි පෙම්වතා හසුවිය.

පෙම්වතා පැනගිය අතර නිවැසියන් තරුණයා ලුහුබැඳගොස්, ඔහු අල්ලා ගත්තේය. නිවසේ තරුණයා සැඟවී උන් පුද්ගලයාට පහර කීපයක් ගසා ප්‍රශ්න කළත් ඔහු කිසිවක් පැවසුවේ නැත. මෙම සිද්ධිය දුටු අසල්වාසී තරුණයා පොලිස් ස්ථානාධිපතිවරයාට ග්‍රීස් යකකු අල්ලා ගත් බව දුරකථනයෙන් පවසා ඇත්තේ එහෙත් පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණීමට පෙර සැඟව හුන් තරුණයා තමන් අල්ලාගත් තරුණයාට සත්‍ය පවසා ඇත. තමන්ගේ සොහොයුරියගේ පෙම්වතා බව වටහාගත් තරුණයා ඔහු අතහැර, සිය සොහොයුරියගෙන් විමසීමට නිවෙසට ගිය විට පෙම්වතා පැනගියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා