ඉංගිරිය ගෘහ භාණ්ඩ අලෙවි සලකින් මුදල් කොල්ලකෑ යුවළට ඇප

ඉංගිරිය ගෘහ භාණ්ඩ අලෙවි සලකින් මුදල් කොල්ලකෑ යුවළට ඇප

ඉංගිරිය නගරයේ පිහිටි ගෘහ භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි යුවළක් එහි තිබූ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ද සමඟ පලාගොස් සිටි අතර , පසුව ඉංගිරිය පොලිසියේ නිලධාරීන් විසින් වැලිමඩ ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනු ලැබීමෙන් අනතුරුව, හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් මෙම සැකකාර සැමියාට සහ බිරියට රුපියල් 7500 ක මුදල් ඇපයක් සහ රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් නියම කළේය.

මීට අමතරව සෑම ඉරිදා දිනකම උදෑසන 9.00ත් 12.00ත් අතර ඉංගිරිය පොලිසියේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් මෙම යුවළට නියම කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා