පදික වේදිකාවලින් සමන්විත ප්‍රථම ගුවන් පාලම වේයන්ගොඩට

පදික වේදිකාවලින් සමන්විත ප්‍රථම ගුවන් පාලම වේයන්ගොඩට

දෙපස පදික වේදිකාවලින් සමන්විත දිවයිනේ ප්‍රථම ගුවන් පාලම ලබන වසර මුල දී වේයන්ගොඩ නගරයේදී ඉදි කෙරේ. නිට්ටඹුව - කටුනායක ප්‍රධාන මාර්ගයේ වේයන්ගොඩ දුම්රිය හරස් පාර උඩින් ඉදි කෙරෙන මේ ගුවන් පාලමේ දිග මීටර් 300කි. පළල මීටර් 10කි. මීටර් 3 1/2 බැගින් පළල් වූ මංතීරු දෙකකින්ද යුත් මේ ගුවන් පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ස්පාඤ්ඤ ඉංජිනේරු සමාගමකට පවරා ඇතැයිද ඉදිකිරීමේ වැඩ ආරම්භ කර මාස 18ක කාලයක් ඇතුළුත එය නිමකර දීමට එම සමාගම ගිවිසගෙන ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා