අසරණ දරු පවුලට පිළිසරණ වෙන්න

අසරණ දරු පවුලට පිළිසරණ වෙන්න

ශාන්ත මහතා බිරිය සුවිනීතා
සමඟ

දැරණියගල නක්කාවිට පදිංචි එච්. ශාන්ත මහතා දෙදරු පියෙකි. ඔහුගේ බිරිය සහ එක් දියණියක් දෘශ්‍යාබාධිතයන් ය. ඔහු ජීවිකාව කරගෙන යන්නේ විවිධ ස්ථානවල පොත්පත් විකිණිමෙනි.පාපැදියෙන් හා බස් රථ වලින් පොත් ගෙන ගොස් විකිණීම අසීරුවී ඇත. ඒ සඳහා ත්‍රීරෝද රථයක් මිළදී ගැනීමට මූලික මුදලක් ඔහු සතුව නැත.

මූලික ගෙවීමක් නොමැතිව ඔහුට ත්‍රීරෝද රථයක් ලබාදීමට කිසියම් දානපතියෙක් වෙතොත් මාස්පතා එම මුදල ගෙවීමට ඔහුට හැකියාව ඇත. මෙම අසරණ දරු පවුල ජීවත්කර ගැනීම සඳහා උදව්විය හැකි අයෙක් වෙතොත් එය මහා පින්කමකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා