මනමාලකම ඉහටත් උඩින් ගිහින් අමතක නොවන පාඩමක්

මනමාලකම ඉහටත් උඩින් ගිහින් අමතක නොවන පාඩමක්

* දුම්රියේදී හදිසිය වැඩිකමට අක්කා ළඟින් වාඩි වෙලා

ඔහු කොළඹ රැකියාවට යනුයේ දුම්රියෙනි. එසේ යන මොහු සෑම අවස්ථාවකම වාඩිවෙනුයේ කාන්තාවක් අසලිනි. අවිවාහකයකු වන මොහුට තමාට ගැළපෙන අයකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමට පවා දක්ෂතාවක්ද නොමැත. එහෙත් මනමාලකම ඉහවහා ගොසින්ය.තමන් ගමන් ගන්නා දුම්රියේ කොතෙක් ඉඩ කඩ තිබුණත් වාඩිවෙන්නේ මොහු නොවේ.

දුම්රියට ගොඩවුන විගස බිම බලාගෙන එහෙත් හොරැහින් කාන්තාවක් අසල ඉඩක් ඇත්දැයි බලමින් එහා කොනේ සිට මෙහා කොන දක්වා ගමන් කරයි. දිනක් මෙසේ බිම බලාගෙන කාන්තාවක් අසල ඉඩක් සොයමින් ගිය ඔහුට කාන්තාවන් දෙදෙනෙක් අතර ඉඩ තිබෙන බව දක්නට ලැබී වහා එහි ගොස් වාඩි වුණේය. එසේ වාඩිවෙනවාත් සමගම එහි සිටි කාන්තාව ‘ඇයි මල්ලියේ ඉස්සරහ ඉඩ තිබුණේ නැද්දැයි’ ඇසුවාය.

එම ප්‍රශ්නයෙන් තිගැස්සි වහා හැරී බැලූ ඔහුට දක්නට ලැබුණේ තම සහෝදරියය. ඔහුගේ සහෝදරියද රැකියාවට යනුයේ මෙම දුම්රියෙනි. දුම්රියේ කොතෙකුත් ඉඩ කඩ තිබියදී තමන්ගේ මනමාලකම නිසා අක්කා ළඟට විත් වාඩිවීම ගැන මහත්සේ ලැජ්ජාවට පත් ඔහු වහා නැගිට ‘අක්කේ මම පිටිපස්සට යන්නම්’ කියා යන්නට ගියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා