අසරණ දරු පවුලට පිළිසරණ වෙන්න

ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ලංගම සේවකයකුට දුන් සැකකරුවකුට වසර පහකට අත්හිටවූ දඬුවම්

* සැකකරු අධිකරණයේ දී වරද පිළිගනී

* හොර වෛද්‍ය සහතිකය දුන්නේ 2004 වසරේ

කූට ලෙස සකස් කළ ව්‍යාජ වෛද්‍ය සහතිකයක් පාණදුර ඩිපෝවේ සේවකයකුට ලබා දුන්නේ යැයි අධි චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් පුද්ගලයකුට වසර පහකට අත්හිටවූ බරපතල වැඩ ඇතිව අවුරුදු දෙකක සාමාන්‍ය සිරදඬුවමක් පාණදුර පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියම කළේ ය.

මෙසේ දඬුවම් නියම වූයේ පාණදුරේ පදිංචි මෝදරගේ පි‍්‍රයංජිත් කරුණා ගමගේ නැමැත්තාට ය. ඔහු වර්ෂ 2004 ජනවාරි මස පළමු වැනිදා අංක ඩී. 442997 දරණ ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ලංගම සේවකයකුට ලබාදීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බව අධිකරණයට පැවසීය. වරද පිළිගත් නිසා ලිහිල් දඩුවමක් නියම කරන බව විනිසුරුවරයා පැවසීය. නීතිපතිවරයා විසින් විත්තිකරුට නඩු පවරා තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා