පෙම් යුවළක් වස බීලා: පෙම්වතා මරුට

පෙම් යුවළක් වස බීලා: පෙම්වතා මරුට

යුද හමුදාව හැරදා පැමිණි 19 වියැති තරුණයකු විදේශගතව සිට තෙමසකට පමණ පෙර පැමිණි සිය පෙම්වතිය සමඟ ඇතිකරගත් අමනාපයක් නිසා වස බී දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (4) අළුයම මියගොස් ඇති අතර සිය පෙම්වතා වසබී ඇති බව දැනගත් මෙම තරුණියද වස බී අසාධ්‍ය තත්ත්වයෙන් දඹුල්ල මූලික රෝහලට එකම දිනයේදී ඇතුළු කර ඇත. මෙසේ මියගොස් ඇත්තේ ආඩියාගල, කහල්ල, මානේරුවේ පදිංචි ප්‍රභාත් සංජීව වර්ණසූරිය නැමැත්තෙකි.  මරණකරුගේ පෙම්වතිය ද එකම ගමේ පදිංචි 22 හැවිරිදි තරුණියක් බව අණාවරණයවේ.

මේ සම්බන්ධයෙන් මියගිය අයගේ මව පවසන්නේ සිය පුතා ගමේ ඥාති තරුණියක් සමඟ පේ‍්‍රම සම්බන්ධතාවයක් පැවති බැවින් ඇය විවාහකරගන්නා බව පුතා තමාට කීපසු අයියාගේ විවාහය අවසන්වනතෙක් එය ප්‍රමාදකරන ලෙස පැවසූ බවය. මේ අතරවාරයේ ඔහු විදේශගත රැකියාවකට යාමට සූදානම්වු බවද ඇය පැවසුවාය. මේ අතර මීට තෙමසකට පෙර විදේශගතව සිට පැමිණි පුතාගේ පෙම්වතියද නැවත විදෙස්ගතවීමට සූදානම්වූ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙවැනි තත්ත්වයක් යටතේ ඔවුන් මෙසේ වසබීම ගැටලුවක් බවද ඇය සඳහන් කළාය. ගල්කිරියාගම පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා