සොරකම් ගණනාවක් සිදුකළ අයෙක් සොර බඩු සමඟ අත්අඩංගුවට

සොරකම් ගණනාවක් සිදුකළ අයෙක් සොර බඩු සමඟ අත්අඩංගුවට

නොච්චියාගම පොලිස් වසම තුළ සොරකම් ගණනාවක් සිදුකළ තරුණයකු සොරකම් කළ භාණ්ඩ සමඟම අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි. නොච්චියාගම, සිරිගොල්්ලාගම ප්‍රදේශයේ නිවාස කිහිපයක්ම බිඳ එහි වූ දේපළ සොරාගෙන ගොස් තිබියදී ලැබුණු පැමිණිලිවලට අනුව මොහු සොරාගත් භාණ්ඩ පොලිසිය සොයාගෙන ඇත. රූපවාහිනි, ඩී.වී.ඩී. යන්ත්‍ර, ළිඳක් තුළ වූ වතුර මෝටරයක්, කෘමිනාශක ඉසිනයක් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මේ මස 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් එම්. පී. පැඟිරිදෙනිය මහතා නියෝග කළේය. බන්ධනාගාරගත කෙරුණේ ආර්. එම්. සිසිර කුමාරසිංහ යන අයයි.

නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එන්. කුමාරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. උබයරත්න යන මහත්වරු පරීක්ෂණ සිදුකරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා