බලපත් රහිත ගිනි අවියක් ළඟ තබා ගත්තැයි වරද පිළිගත් අයට දඩ

බලපත් රහිත ගිනි අවියක් ළඟ තබා ගත්තැයි වරද පිළිගත් අයට දඩ

නිසි බලධාරියකු ලබාදුන් බලපත්‍රයක් නොමැතිව විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි බවට අධිකරණය හමුවේ වරද පිළිගත් අයෙකුට රුපියල් විසිදහසක (20,000) දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය නියෝග කළාය. දඩ නියම වූයේ කොරකහවැව පණ්ඩුලගම අනුරාධපුර පදිංචි දොන් අතුල ප්‍රියන්ත සමරසිංහ යන අයටයි.

සැකකරු ළඟ තිබී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය මඟින්, විදේශීය නිෂ්පාදිත බෝර දොළහ (12) ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබුණි. අධිකරණයට ඉදිරිපත් කළ ගිනි අවිය රාජසන්තක කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. අනුරාධපුර මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ආර්. එම්. එන්. රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් කල්දේරා මහතා අධිකරණයට කරුණු කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා