15 හැවිරිදි පිරිමි ළමයා පැහැරගෙන කප්පම් ඉල්ලූ අය සොයා පරීක්ෂණ

15 හැවිරිදි පිරිමි ළමයා පැහැරගෙන කප්පම් ඉල්ලූ අය සොයා පරීක්ෂණ

දෙව් මැදුරක පියතුමකු බාරයේ සිටි 15 හැවිරිදි පිරිමි ළමයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ පහක කප්පමක් ඉල්ලා එය නොදුනහොත් පියතුමා හා පැහැරගෙන ගිය දරුවා මරා දැමීමට දුරකතනයෙන් තර්ජනය කළ කල්ලිය අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

කොස්වත්ත හාල්දඬුවන දෙව්මැදුරේ කේ. ඒ. ඩී. ප්‍රැන්සිස් ලාවුස් අප්පුහාමි පියතුමා පෙරේදා (3දා) පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ අංක 119 දුරකතනයට පැමිණිලි කරමින් තමන් බාරයේ සිටින මනෝජ් ප්‍රියංකර (15) නමැති ළමයා ඉකුත් පළමු වන දින සිට අතුරුදහන් වූ අතර ඔහු ගැන සොයමින් සිටින විට ලැබුණු දුරකතන පණිවුඩයකින් තමන්ට තර්ජනය කර ළමයා මුදා හැරීමට රුපියල් ලක්ෂ 5 ක මුදලක් දෙන ලෙසත් නොදුනහොත් ළමයා හා පියතුමා ඝාතනය කරන බවත් දන්වා තිබුණි.

ඒ අනුව පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. මෙතෙක් පැහැරගෙන ගිය බව කියන ළමයා හමුවී නැති බවත් කියති. වෙනත් අරමුණකින් පියතුමා බිය ගැන්වීම පිණිස මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බවටත් සැක කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා