සොයුරියගේ සැමියාට 14 හැවිරිදි දැරිය ගොදුරුවෙලා

සොයුරියගේ සැමියාට 14 හැවිරිදි දැරිය ගොදුරුවෙලා

දාහතර හැවිරිදි දැරිය සිය වැඩිමහල් සොයුරියගේ නිවසේ රාත්‍රිය ගත කිරීමට පැමිණ සිටියදී සොයුරියගේ පුරුෂයා විසින් එම දැරිය දූෂණය කිරීමේ සිද්ධියක් කඹුරුපිිටිය පොලිසියෙන් වාර්තා වේ.

එම දැරියගේ පැමිණිල්ල මත පසුගිය 03දා අදාළ සැකකරු කඹුරුපිටිය පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කුරුඳු තැලීම රැකියාව කරගෙන ගිය අයෙකි. දැරිය එම නිවසේ නිදා සිටියදී සැකකරු එකවරම තමා බදාගෙන අතවර කළ බව පැමිණිල්ලේ සඳහන් වේ. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කඹුරුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා