මහනුවර මහ රෝහලේ ගිලන් රථයේ දී දස හැවිරිදි දැරියකට අතවර

මහනුවර මහ රෝහලේ ගිලන් රථයේ දී දස හැවිරිදි දැරියකට අතවර

ගිලන් රථයක දී දස හැවිරිදි දැරියකට මහනුවර මහ රෝහලේ රියදුරෙකු අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කැර තිබේ.

මහනුවර මහ රෝහලේ ලේ බැංකුවට අනුයුක්තව සේවය කරන රියදුරෙකු මෙම අතවරය සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත. දැරියගේ මව මහනුවර මහ රෝහලේ පවිත්‍ර කටයුතු භාරව සිටින පෞද්ගලික ආයතනයක සේවය කරන අතර ඇය සමඟ දරුවා නිරතුරුව රෝහල් භූමියේ ගැවසෙන බව දැනගන්නට තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගිලන් රථ රියදුරාගෙන් මහනුවර පොලිසිය ඊයේ (13) ප්‍රකාශයක් ලබාගෙන ඇත.

පෙරේදා (12) රාත්‍රියේ දරුවා ගිලන් රථය තුළ සිට ඇති බවට ලද තොරතුරු මත මහනුවර රෝහල් පොලිසිය සිද්ධිය පිළිබඳ මහනුවර කාන්තා කාර්යාංශයට තොරතුරු වාර්තා කැර තිබේ.

දරුවා ඊයේ (13) මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරි මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා