අවු. 10 කට පෙර අතුරුදන් අයෙකු සොයා ළිඳක් හාරයි

අවු. 10 කට පෙර අතුරුදන් අයෙකු සොයා ළිඳක් හාරයි

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (11 දා) ලබාදුන් තොරතුරක් මත මීට දස වසරකට ඉහතදී අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයා ගැනීම සඳහා ගලේවෙල පොලිසිය දේවහූව ජනපදයේ ගෙවත්තක තිබූ වසා දැමූ ළිඳක් නැවත හාරා බැලූමුත් මළසිරුරක් එහි නොවීය.

දේවහූව 7 කණුව පෙදෙසේ පදිංචිව සිටි ඇම්. ජී. සුනිල් මාරසිංහ නැමැති 33 හැවිරිදි අතුරුදන්ව ඇති පුද්ගලයකුගේ මළසිරුර සොයා මෙසේ කැණීම් සිදුකරන ලදී.

සිකුරාදා සවස එම කැනීම් ආරම්භ කරනා ලද්දේ බැකෝ යන්ත්‍රයකිනි. එම බැකෝ යන්ත්‍රයෙන් අඩි 12 ක් ගැඹුරට ළිඳ හැරීමෙන් පසු කම්කරුවන් යොදා තවත් අඩි 10 ක් ගැඹුරට ළිඳ හාරණ ලදී. එහෙත් මළසිරුරක් පිළිබඳ කිසිම හෝඩුවාවක් නොවූ බව ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු මෙහෙය වූ ගලේවෙල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා