ආරණ්‍ය සෙනසුනේ වැඩ සිටි හිමි නම ව්‍යාජ රන් කහවනු තොගයකට රැවටේ

ආරණ්‍ය සෙනසුනේ වැඩ සිටි හිමි නම ව්‍යාජ රන් කහවනු තොගයකට රැවටේ

රු. ලක්‍ෂ 9ක් වංචා කළ තිදෙනකු සොයා මෙහෙයුම්

ආරණ්‍ය සේනාසනයක වැඩ වසන හිමිනමක් රවටා ව්‍යාජ රන් කහවනු තොගයක් දී රුපියල් නව ලක්‍ෂයක් (9,00,000) වංචා කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ සිදු කරයි.

සැකකරුවන් තිදෙනා හිමි නම සමග බස් රථයක දී හිතවත්කම් ඇති කරගෙන මෙම වංචාව සිදුකර ඇති බව පොලිසිය පවසයි. නිධානයකින් ලැබුණු මෙම රන් කැබලි තොගය පන්සලකටම ලබා දිය යුතු බව සැකකරුවන්ට හීනෙන් කෙනෙකු පැවසූ බවද හිමිනමට පවසා ඇත. ඒ අනුව හිමිනම මාතර ප්‍රදේශයෙන් අංජනමක් ද බලා ඒවා රන් බව තහවුරු කරගැනීමෙන් පසු තලාව ප්‍රදේශයේ පන්සලක් ඉදිරිපිට මෙම ගනුදෙනුව සිදුකර ඇත.

සැකකරුවන් බෙල්ලන් හැඩැති ව්‍යාජ රන් කහවනු ග්‍රෑම් 1300ක් ලබාදී ඇති අතර ඒවා ගැන සැක සිතූ හිමිනම මුදල් දීමට අදි මදි කරද්දී හිමිනමගේ පියාගේ අතෙහි තිබූ රුපියල් එකොළොස් ලක්‍ෂයක් (11,00,000) පැහැරගෙන ගොස් ඇත. හිමිනමගේ පියා අත වූ මුදල් සහිත මල්ල උදුරා ගද්දී එය ඉරී ලක්‍ෂ දෙකක මුදලක් බිම වැටී ඇත. මෙම වංචාවට හසුවූ හිමි නම හා හිමිනමගේ පියා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා