සැක අයෙක් පරීක්‍ෂා කරද්දී රිවෝල්වරයක්-උණ්ඩ සොයාගෙන

සැක අයෙක් පරීක්‍ෂා කරද්දී රිවෝල්වරයක්-උණ්ඩ සොයාගෙන

පුත්තලම මනුගුණ්ඩුව ප්‍රදේශයේදී පෙරේදා (12) සැකකටයුතු පුද්ගලයකු පරීක්‍ෂා කිරීමේදී ඉණේ සඟවාගෙන තිබූ රිවෝල්වරයක් හා උණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම රිවෝල්වරය බ්‍රසීලයේ නිෂ්පාදිත එකක් බවට පොලිසිය හඳුනාගෙන ඇත.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවස පිටුපස කුකුල් කොටුවක තිබී මිලි මීටර් 38 වර්ගයේ උණ්ඩ 24 ක් ද මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 18 ක් ද සොයාගෙන තිබේ. සැකකරු අවුරුදු 46 ක් වන මුන්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු ඊයේ (13) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා