බෙන්තොට මල්ගහඅද්දර ඇළ පිළිසකර කිරීමෙන් ගොවීන්ට සෙත

බෙන්තොට මල්ගහඅද්දර ඇළ පිළිසකර කිරීමෙන් ගොවීන්ට සෙත

බෙන්තොට බල ප්‍රදේශයට අයත් තොටකනත්ත, මල්ගහඅද්දර ඇළ දිගු කාලයක් වල්බිහිවී තිබී පසුගියදා පිළිසකර කර තිබේ. ඒ සඳහා රුපියල් 1,54000කට ඇස්තමේන්තු කර තිබූ මෙම ඇළ මාර්ගය රුපියල් 75000කින් ඉතා සාර්ථක ලෙස නිම කර තිබීම විශේෂත්වයකි. ගාලු දිසා මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රතිපාදන යටතේ රුපියල් 75000ක් ලබා දුන් බව, තොටකනත්ත කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සිරිසේන මැද්දේවිතාන මහතා පවසයි’ “මේ ඇළ මාර්ගය අලුතෙන් කැපීමට පෙර වැස්සාම මේ පාරත් යටවෙනවා.  කුඹුරු අක්කර 25ක් පමණ වගා කළ නොහැකිව ගොවියන් දැඩි අපහසුතාවකින් හිටියේ.” යැයිද ඒ මහතා පැවැසීය.

ජී. එල්. ගුණවතී මහත්මිය - “මේ ඇළ කපන්න කලින් අපේ යාය වල් සේරම යටවෙනවා. යායම කාලයක් වැඩ නොකර සිටියා. වී ගැහුවාම වතුර ගලලා සේරම එකතු වෙනවා. ගොවීන්ගේ කුඹුරු මැද්දෙන් තමයි ඇළ කැපුවේ. කලින් තිබූ ඇළ මාර්ගය හොයා ගන්න බැරි තරමට වල්බිහි වී තිබූ නිසා එසේ කළා.”

තොටකනත්ත “සමඟි” ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික එම්. ඩබ්ලිව්. එල්. පී. අබේවික්‍රම මහතා:- ”මේ ඇළ අලුතෙන් කැපුවේ අපිමයි. අඩි 750ක් පමණ දුරට කැපුවා. ඇලේ පළල අඩි 11ක් විතර සිටින්න හැදුවා. රුපියල් 75000ක් ලැබුණාම, ඉතිරි ටික අපේ මහන්සියෙන් යෙදෙව්වා.”මේ ගම්වාසීන් එකතු වී මල්ගහඅද්දර ඇළ පිළිසකර කිරීම දැන් මුළු ගමටම සෙතකි.

තොටකනත්ත, මල්ගහඅද්දර ඇළ පිළිසකර කිරීමෙන් පසුව.
ඡායාරූපය:- ඉඳුරුව සමූහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා