පාණදුර පොලිසිය අසල පදික මාරුව මරු කපොල්ලක්

පාණදුර පොලිසිය අසල පදික මාරුව මරු කපොල්ලක්

පාණදුර ගාලු පාරේ පොලිසිය අසල පාර හරහා ඇති පදික මාරුව මරු කපොල්ලක් බවට පත් වී තිබේ. මේ ස්ථානයෙන් පාර මාරුවීමට ගිය කාන්තාවක් බස්රථයකට යටවී මිය ගොස් ඇති අතර තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇත. මේ පදික මාරුව පිහිටුවා ඇත්තේ ගාලු පාරේ උතුරු පැත්තේ තිබෙන බස් නැවතුමට සමාන්තරවය. පදික මාරුව වෙනස් කරන ලෙස මාර්ගස්ථ අධිකාරියට පාණදුර පොලිසිය දන්වා ඇතත් ප්‍රතිචාරයක් නොමැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා