රුවන්වැල්ල රත්තාගල ඉදිකළ ගැටගහපිටිය පාලම විවෘත වේ

රුවන්වැල්ල රත්තාගල ඉදිකළ ගැටගහපිටිය පාලම විවෘත වේ

රුවන්වැල්ල රත්තාගල ගමට විශාල අඩුපාඩුවක් වූ ගැටගහපිටියට පාලමක් ඉදි කෙරිණි. මේ පාලම ඉදි කිරීම සඳහා මග නැ¼ගුම සංකල්පය යටතේ ලක්‍ෂ 10ක මුදලක් වැය කර තිබේ. ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම පාලම පසුගියදා විවෘත කෙරිණි. එහිදී ඇමැතිවරයා මෙසේ පැවැසීය. ”ලංකා ඉතිහාසයේ මේ තරම් මාර්ග ඉදිවුණ යුගයක් තිබුණේ නෑ.

අද අධිවේගී මාර්ග පවා ලංකාවේ තිබෙනවා. මීට පෙර අප අධිවේගී මාර්ග ගැන ඇසුවේ විදේශ ප්‍රවෘත්තිවලින්. සමහරුන්ට මේවා හීන ලෙස පැවතුණා. අද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේවා සැබෑකර තිබෙනවා. අද ඉතා කෙටි කාලයකින් කොළඹ සිට දකුණට ගමන් කළ හැකියි. මාර්ග ඉදිකිරීම උසස් පුණ්‍යකර්මයක්. අසාධ්‍ය රෝගියකුගේ ජීවිතාපේක්‍ෂාව ගැන බලාපොරොත්තු මාර්ග පහසුකම නිසා ඇති වෙනවා. එම අවස්ථාවට රත්තාගල විහාරාධිපති කටානේ අරියධම්ම හිමියෝද සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා පීත්ත පටිය කපා පාලම විවෘත කළ අයුරු.

ලක්‍ෂ 10ක වියදමින් ඉදිකරන ලද රත්තාගල ගැටගහපිටිය පාලම
ඡායාරූප- ගෝනගල්දෙණිය සමූහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා