අරණායක-හොරේවෙල මාර්ගයේ අලුත්වැඩියාව ඉබි ගමනේ

අරණායක-හොරේවෙල මාර්ගයේ අලුත්වැඩියාව ඉබි ගමනේ

මාවනැල්ල අරණායක හොරේවෙල දක්වා ඉදිකෙරෙන ප්‍රධාන මහාමාර්ගයේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇති කොන්ත්‍රාත් සමාගම එම මාර්ගය ඉදිකිරීමේ කටයුතු පුරා වසර ගණනාවක් තිස්සේ ඉබිගමනින් සිදු කිරීම පිළිබඳව අරණායක ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පළාත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතාව බලවත් අපසාදය පළකැර සිටිති. 2005 වසරේ ආරම්භ කළ මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි විසිපහක තරම් මුදල් ප්‍රතිපාදනයක් ලබා දී සිදු කෙරෙන මෙම මාර්ග සංවර්ධන කටයුතු කිසි ප්‍රමිතියකින් සිදු නොකරන බවටද ප්‍රදේශ වාසීහු චෝදනා කරති.

පළාත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා.

මෙහි ඉදිකිරීම පමා කිරීම බලවත් පාඩුවක් බව කියන්න සිදුවෙනවා. මම මෙම මාර්ගය අරණායක ඔස්සේ ගම්පොළ ප්‍රදේශයට ගොස් ශ්‍රීපාද පුදබිමට ජනතාවට යාම සඳහා ඉදිකරන ලෙසට රජයට කියා සිටියා. ඒ මත මෙම මාර්ගය සැකසීම ඇරැඹුණා. ගම්මානයන් සිය ගණනක අති විශාල ජනතාවකට මෙයින් ගමනාගමන පහසුකම් සැලසෙනවා. නමුත් මාර්ගයේ ඉදිකිරීම් කිසි ප්‍රමිතියක් නැති බවට දැන් කාගෙනුත් චෝදනා නැගෙනවා. වැලිමත්ත නගරයට ආසන්න මාර්ගයේ දැනට වාහන ගමන් කරන්නට ද බැරි තත්ත්වයක් පවතිනවා. තවදුරටත් කල්ගත කැර මාර්ගය සැකසීම පමාවීමෙන් ජනතාවගේ විරෝධය උත්සන්න වන වගද කිව යුතුයි කීය.
 

දෑල කිඳ පාලම අසල මාර්ගය ඉදිවෙමින් පවතින අයුරු.
ඡායාරූපය- මාවනැල්ල සමූහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා