කැනඩාවට හොරෙන් පනින්න ගිය 200ක් අපි‍්‍රකාවේ අතරමං කරලා

කැනඩාවට හොරෙන් පනින්න ගිය 200ක් අපි‍්‍රකාවේ අතරමං කරලා

නීති විරෝධී ලෙස සංක්‍රමණයවූ ශ්‍රී ලාංකිකයන් 200 දෙනෙකු බටහිර අපි‍්‍රකාවේ ටෝගෝ රාජ්‍යයේ අතරමංව සිටිති. කැනඩාව බලා පිටත්ව යාමට මේ ශ්‍රී ලාංකික පිරිස ජාවාරම්කරුවන් වෙත මුදල් ලබාදී තිබෙන අතර පසුව ඔවුන් පිරිස අතරමං කොට ජාවාරම්කරුවන් පිරිස පලාගොස් තිබෙන බවද වාර්තා වෙයි.

මේ පිරිස මුලින්ම ඉන්දියාවේ මුම්බායි නගරය වෙත ගොස් තිබෙන අතර එතැන් සිට අපි‍්‍රකාවේ ඝානාව වෙත ගොස් මුහුදු මාර්ගයෙන් කැනඩාවට යාමට සැලැසුම් කර ඇති බව සඳහන් වෙයි.

උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අතරමංව ඇති බවට අනාවරණය කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් තමා වෙත තොරතුරු වාර්තා වී ඇතැයි කැනේඩියානු මහජන ආරක්ෂක ඇමැති වික් ටෝස් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද මේ සරණාගතයන් යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව යාම බුද්ධිමත්ම ක්‍රියාව බවට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා