උද්ධමනය 3.8%ක් දක්වා පහතට

උද්ධමනය 3.8%ක් දක්වා පහතට

ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයට අනුව පසුගිය 2011 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමන අගය සියයට 4.9 ක් වූ බවද මේ වසරේ ජනවාරි මාසය අවසන් වනවිට එය තවදුරටත් පහළ යමින් සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බවද එම බැංකුව පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසය වනවිට පැවති සියයට 6.7ක්ව පැවැති වාර්ෂික සාමාන්‍ය උද්ධමනයද මේ වසරේ ජනවාරි මාසය වනවිට සියයට 6.5 දක්වා පහත වැටී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

ඊට අමතරව සියයට 6.7ක අගයක් වාර්තා කළ ලක්ෂ්‍යමය මූලික උද්ධමනය සියයට 4.7 දක්වාද පහත වැටී තිබේ. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ දී ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩයේ මිල ගණන්හි සියයට 0.3ක පහළ යාමක් සිදුවී තිබෙන බවත් ආහාර උප කාණ්ඩයේ ඇතුළත් ඇතැම් එළවළු වර්ග, අර්තාපල්, ලොකු ළුණු, දෙහි, අමුමිරිස්, වියලි මිරිස් හා සීනි ආදියෙහි මිල ගණන් සැපයුමෙහි සිදුවූ වර්ධනය හේතුවෙන් පහළ වැටුණු බවත්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා