සුදුසුකම් සපිරි පොලිස් නිලධාරීන් 654කට උසස්වීම් දෙන්න

සුදුසුකම් සපිරි පොලිස් නිලධාරීන් 654කට උසස්වීම් දෙන්න

පොලිස්පතිට අධිකරණ නියෝගයක්

සුදුසුකම් සපුරා ඇති පොලිස් නිලධාරීන් 654කට උසස්වීම් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති එම්. කේ. ඉලංගකෝන් මහතාට නියෝග කර ඇත.

ඒ අනුව පොලිස් සැරයන් තනතුරේ සිටි පොලිස් නිලධාරීන් 654කට උප පොලිස් පරීක්‍ෂකවරුන් ලෙස උසස්වීම් හිමි වේ.

පසුගිය වසරේ සුදුසුකම් ලත් පොලිස් නිලධාරීන් ගොනු කළ පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය නිකුත් කළේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය, විනිසුරු කේ. ශ්‍රී පවන් සහ විනිසුරු පී. ඒ. රත්නායක මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පසුගියදා මේ නියෝගය නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා