ආපදාවක් නැත්නම් අමාත්‍යාංශයේ සම්පත් ඩෙංගු මර්දනයට

ආපදාවක් නැත්නම් අමාත්‍යාංශයේ සම්පත් ඩෙංගු මර්දනයට

රටෙහි ආපදාවක් නොමැති අවස්ථාවන්හි දී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාහන හා මානව සම්පත් ඩෙංගු මර්දනය සඳහා යෙදවීමට ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

ඩෙංගු මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙමින් රටෙහි ස්වාභාවික ආපදාවක් නොමැති අවස්ථාවක තම අමාත්‍යාංශය යටතේ හා එක් එක් දිස්ත්‍රික්කයන්හි පිහිටා තිබෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල පවතින සම්පත් ඩෙංගු මර්දන කටයුතුවලට යෙදවීමට ඇමැතිවරයා තීරණය කර ඇත. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කළ සාකච්ඡාවක දී ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා මේ තීරණය ගෙන තිබේ.

අනුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ හා එක් එක් දිස්ත්‍රික්කවල පිහිටා තිබෙන ආපදා කළමනාකරණ ඒකකවල පවතින වාහන හා මානව සම්පත් ඩෙංගු මර්දනය සඳහා යෙදවීම සිදුකෙරේ.

මේ තීරණය ඊයේ (01) සිටම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ඩෙංගු රෝගය ජාතික ආපදාවක් තරමටම ජන ජීවිතයට බලපා තිබෙන නිසා එයින් ජනතාව මුදා ගැනීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට තමන් කටයුතු කරන බව මහින්ද අමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා