මාතලේ ගල් වළක තරුණියකගේ මළ සිරුරක්

මාතලේ ගල් වළක තරුණියකගේ මළ සිරුරක්

දැලකින් ඔතා ගැට ගසා ඝාතනය කළ තරුණියක ගේ මළ සිරුරක් මාතලේ වාරියපොල පාරේ ඇති දෙවන ගල්වලේ පාවෙමින් තිබිය දී පොලිසිය මගින් පෙරේදා (23) සොයා ගෙන තිබේ. මිය ගොස් ඇති තරුණිය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැති බව මාතලේ පොලිසිය පවසයි.

වයස අවුරුදු දහ අටක් විසි දෙකක් අතර තැනැත්තියක් මෙසේ ඝාතනයට ලක්ව ඇති බව වෛද්‍ය පරීක්‍ෂණ මගින් හෙළිව ඇත. නිරුවත්ව ඇති මළ සිරුරේ මුහුණ ඉටි බෑගයකින් බැඳ ආවරණය කර ඇති අතර සිරුර තැනින් තැන ලණුවලින් ගැට ගසා කුකුල් දැලකින් ඔතා ඇති බව පොලිසිය කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා