සුභද්‍රාරාම විහාරයෙන් මුදල් - භාණ්ඩ සොරාගත් සැකකරු පොලිසියට කොටු

සුභද්‍රාරාම විහාරයෙන් මුදල් - භාණ්ඩ සොරාගත් සැකකරු පොලිසියට කොටු

ගාල්ල මලිගස්පෙ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයෙන් රුපියල් ලක්ෂයක් වටිනා මුදල් හා භාණ්ඩ සොරාගත් සැකකරුවකු ගාල්ල නීති කොට්ඨාසය මගින් පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී සොරාගත් භාණ්ඩ හා මුදලින් කොටසක් තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.

සොරාගත් භාණ්ඩ අතර රුපියල් 30,000ක් පමණ වටිනා කැමරාවක් සහ රුපියල් 15,000ක් පමණ වටිනා ජංගම දුරකථනයක් තිබී ඇත. සැකකරු සමඟ සොරකමට එක් වූ තවත් සැකකරුවකු මේ වන විට වෙනත් අපරාධ සිද්්ධි ගණනාවක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින බව පොලිසිය පවසයි. සිද්ධිය පිළිබඳ ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා