ගුවන් හමුදා සෙබළා මැරූ කෝප්‍රල් වසර 15ක් හිරේට

ගුවන් හමුදා සෙබළා මැරූ කෝප්‍රල් වසර 15ක් හිරේට

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ දී ගුවන් හමුදා සෙබළෙකු ස්වයංක්‍රීය ටී පනස් හය වර්ගයේ රාජකාරි ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ බවට පොළොන්නරුව මහාධිකරණය හමුවේ වරද පිළිගත් එම කඳවුරේම හිටපු ගුවන් කෝප්‍රල්වරයෙකුට වසර පහළොවක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 15000 ක දඩ මුදලක් ගෙවන ලෙස පොළොන්නරුව මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනවිරත්න මහතා නියම කළේය.

අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළේ ය. මෙසේ දඬුවම් නියම වූයේ හිටපු ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු වූ චානක සුදේශ් නැමත්තාට ය. විත්තිකරු විසින් 2003 වසරේ මාර්තු මස 2දා හෝ ඊට ආසන්න දිනකදී මරණකරු සමග ඇතිකරගත් ආරවුලක් දුර දිග ගොස් රාජකාරිය සඳහා නිකුත් කර තිබූ ටී-56 වර්ගයේ ගිණි අවියකින් මරණකරුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර මරා දැමූ බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට අධිචෝදනා ගොනු කර තිබුණි.

ගුවන් හමුදා දිනය ලෙස සැලකෙන මාර්තු දෙවනදා සිදු කළ වෙඩි තැබීමෙන් ජීවිතක්‍ෂයට පත්වූයේ නිහාල් රංජිත් කරුණාතිලක නැමති ගුවන් සෙබළායි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා