මාන පඳුරක සඟවා තිබු අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කරයි

මාන පඳුරක සඟවා තිබු අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කරයි

හපුතලේ හරංකාව ප්‍රදේශයේ මාන පඳුරක සඟවා තිබියදී සොයාගත් අත්බෝම්බයක් දියතලාව යුද හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරින් විසින් නිෂ්ක්‍රීය කරනු ලැබූ බව හපුතලේ පොලිසිය පැවැසීය.

පරේදා (23) පස්වරුවේ හපුතලේ හරංකාව ප්‍රදේශයේ ගමන් කළ 15 හැවිරිදි අයෙකු මාන පඳුරේ සඟවා තිබූ මෙම සැක කටයුතු බෝලය වැනි දෙය දැක ලබා දුන් තොරතුරක් මත මෙම අත්බෝම්බය සොයා ගනු ලැබිණැයි පොලිසිය කීය. හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා