ඉරාක රජය ජනතාවට එපා වේ

ඉරාක රජය ජනතාවට එපා වේ

ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් ඉරාකයේ 42 දෙනෙක් ඝාතනයට ලක්වී 250කට අධික පිරිසක් තුවාල ලබා තිබිය දී පසුගිය බ්‍රහස්පතින්දා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සන්නද්ධ මෝටර් වාහන මිලදී ගැනීමට ඩොලර් මිලියන 50ක් වෙන් කර ගැනීම රටවැසියන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

මෙම මුදලින් සන්නද්ධ මෝටර් වාහන 350ක් මිලදී ගැනීමට අපේක්ෂිත බව පාර්ලිමේන්තුවේ බලධාරියෙක් පවසා ඇත. අගමැති නූරි අල් මලික් ගේ පක්ෂය සුන්නි අනුග්‍රහය ලබන ඉරාකියා කණ්ඩායම , කුර්දි පක්ෂ සන්ධානය, ඇමෙරිකාවට එරෙහි මොක්ටාඩා අල්සදීර් පක්ෂය යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා