ඔස්කා සම්මාන 15ක් හිතුමතේ විකුණලා

ඔස්කා සම්මාන 15ක් හිතුමතේ විකුණලා

හොඳම තිර නාටකයට දුන් සම්මානයත් ඒ අතර

ඔස්කා සම්මාන උලෙළින් අනතුරුව ඇමෙරිකන් වෙන්දේසි සමාගමක් විසින් ඩොලර් මිලියන 1 ක් වටිනා ඔස්කා සම්මාන අලෙවි කිරීමට කටයුතු කර ඇත .

මෙවා අලෙවි කර ඇත්තේ සංවිධායකයන්ගේ විරෝධතා නොතකා බව වාර්තා වේ .

රන් ආලේපිත මෙ‍ම සම්මාන 15 අතර හොඳම තිර නාටකයට ලබා දුන් සම්මානය ද වන බව සඳහන්ය.

මෙය සිටිසන් කේන් නැමැති සුපිරි තිර නාටකය වෙනුවෙන් 1941 දී හමන් මැන්කිවිකස්ට පිරිනමන ලද්දකි .

මෙම සම්මාන රැස වෙන්දේසියක අලෙවි කළ ඉතාම වටිනා සම්මාන ලෙස සැලකේ. ඔස්කා සම්මාන දිනා ගත යුතු ඒවා වන අතර ඒවා මිලදී ගතයුතු ඒවා නොවන බව ඔස්කා සම්මාන ඇකඩමිය පවසයි.

කෙසේවෙතත් මීට අදාළ නීතිරීති සම්මත කරගෙන නැති නිසා කළ හැකි කිසිවක් නැතැයි ද ඔවුහු වැඩ්දුරටත් පවසා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා