බෙදුම්වාදී තුවක්කුකරුවෝ ඉන්දි‍යාවේ බස් රථයකට කඩා වැදී මඟීන් 18ක් මරා ද‍මති

බෙදුම්වාදී තුවක්කුකරුවෝ ඉන්දි‍යාවේ බස් රථයකට කඩා වැදී මඟීන් 18ක් මරා ද‍මති

ඉන්දි‍යාවේ කොහිස්ටාන් දිස්ත්‍රික්කයේ හර්බාන් නගරයේ දී බෙදුම්වාදී තුවක්කුකරුවන් පිරිසක් විසින් බස් රථයක ගමන්ගත් මගීන් බස්වා ඔවුන්ට වෙඩි තබා ඝාතනය කර තිබේ.

පාකිස්තානයේ උතුරු කොහිස්තාන් දිස්ත්‍රක්කයේදී සන්නද්ධ පුද්ගලයන් විසින් ෂියා මුස්ලිම්වරුන් 18 දෙනකු ඔවුන් ගමන් ගත් බස්රථවලින් බස්සවා ඝාතනය කිරීමට එ‍රෙහිව පෙරේදා කරච්චියේ පැවැති ෂියා මු‍ස්ලිම් විරෝධතාවකි මේ.

මෙම ප්‍රහාරයෙන් ෂයිටි මුස්ලිම් භක්තිකයන් 18 දෙනෙක් මිය ගොස් 8 දෙනෙක් තුවාල ලබා ඇතැයි බලධාරීහූ පවසති . දිවි ගලවාගෙන ඇත්තේ අටදෙනෙක් පමණි.

මෙම බස්රථය ගමන් කර ඇත්තේ රාවල්පිණ්ඩි සිටයි. බෙදුම්වාදීන් අතර ගැටුමක් හේතුවෙන් මෙම ප්‍රහාරය සිදුකර ඇතැයි බලධාරීහු පවසති.

පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකරන බව වාර්තා වේ.

මීට දින කිහිපයකට ඉහතදී සුන්නි මුස්ලිම් ජාතිකයෙක් මරා දැමීමට පළිගැනීමක් වශයෙන් ප්‍රහාරය සිදු කර ඇතැයි විශ්වාස කෙරේ. මුස්ලිම් සුන්නි බහුතරය සහ සුළුතර ෂයිටි ජාතීන් අතර ගැටුම් නතර කිරීමට පාකිස්තාන් රජය පියවර නොගැනීම සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් සංවිධාන පකිස්තාන් රජය ප්‍රබල දෝෂදර්ශනයට ලක්කර ඇත.

පාකිස්තානයේ වයඹ දිග ප්‍රදේශයට මෑතදී බෝම්බ ප්‍රහාර තුනක් එල්ල වී තිබේ.‍‍ මේ නිසා තලෙයිබාන් ගැටුම් යළි උග්‍රවනු ඇති බවට ප්‍රබල සැක මතුවී ඇත‍.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා