සෝමාලි කොල්ලකරුවන්ගෙන් ප්‍රාණ ඇපකරුවන් 16ක් බේරා ගැනේ

සෝමාලි කොල්ලකරුවන්ගෙන් ප්‍රාණ ඇපකරුවන් 16ක් බේරා ගැනේ

මෙහෙයුමේදී තවත් දෙදෙනෙක් ඝාතනය කරලා

සෝමාලි වෙරළින් ඔබ්බේ මූදු කොල්ලකරුවන් විසින් රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 16 දෙනකු බේරා ගන්නා ලද බව ඩෙන්මාර්ක නාවික හමුදාව පෙරේදා ප්‍රකාශ කළේය.

එහෙත් මේ බේරා ගැනීමේ ක්‍රියාවලියේදි ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු ඝාතනය කර ඇත.

ඉකුත් 27 දා ඩෙන්මාර්ක ඇබ්සැලෝන් යුද නැව මූදූ කොල්ලකරුවන්ගේ මවු යානයක් නවත්වා සිදු කළ මෙහෙයුමේදී ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු කොල්ලකරුවන් විසින් ඝාතනය කර තිබෙන බව නාවික හමුදාවෙන් නිකුත් නිවේදනයක දැක්වෙයි. ඔවුන් ඝාතනය වීමට තුඩු දුන් හේතු සාධක හා ප්‍රාණ ඇපකරුවන්ගේ ජාතික අනන්‍යතාවන් ඉන් අනාවරණය නොකෙරි ණි. කෙසේවෙතත් ඝාතනය වුණු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා බරපතළ ලෙස තුවාල ලබා සිටි අතර නෞකාවේ වෛද්‍යවරයා විසින් ඔවුන් ගේ දිවි බේරාගැනීමට දරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ වී තිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා