“රැට්කෝ ම්ලාඩික්” සමූල ඝාතනවලට වගකිව යුතු නෑ

“රැට්කෝ ම්ලාඩික්” සමූල ඝාතනවලට වගකිව යුතු නෑ

සමීක්ෂණයකින් හෙළිවේ

බොස්නියා-සර්බියා යුද සමයේ දී හමුදා නායකයා ලෙස කටයුතු කළ රැට්කෝ ම්ලාඩික් සමුල ඝාතන සම්බන්ධයෙන් වගකිව යුතු නොවන බවට සර්බියානුවන්ගෙන් අඩක් පමණ විශ්වාස කරන බව අඟහරුවාදා නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක් තහවුරු කර ඇත.

නැගෙනහිර සර්බියාවේ දී මුස්ලිම් පිරිමි ළමයින් ඇතුළු 8000 ක් මරා දැමු බවට කෙ‍රෙන චෝදනාව ඔහුට ඇති ප්‍රබලම චෝදනාවයි. මෑතදි පැවැත්වූ ඉහත සමීක්ෂණය මේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද හයවැන්නයි. එය මෙහෙයවන ලද්දේ ආරක්ෂාව සහ සහයෝගිතාව පිළිබඳ යුරෝපා සංවිධානය සහ බෙල්ග්‍රෙඩ් හියුමන් වොච් සංවිධානය විසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා