පාණදුර ඩිපෝවේ විශ්‍රාම ලැබූ සේවකයන් හතකට පරිතෝෂික මුදල් ගෙවන්න නියෝග

පාණදුර ඩිපෝවේ විශ්‍රාම ලැබූ සේවකයන් හතකට
පරිතෝෂික මුදල් ගෙවන්න නියෝග

ලංකා ගමනා ගමන මණ්ඩලයේ පාණදුර ඩිපෝවෙන් වර්ෂ කිහිපයකට පෙර විශ්‍රාම ලැබූ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් හත්දෙනෙකුට පාරිතෝෂික මුදල් සහ අර්ථසාධක අරමුදල් රුපියල් ලක්ෂ 22 ක් පමණ නොගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පාණදුර සහකාර කම්කරු කොමසාරිස් සහතිකපත් ඉදිරිපත් කර නඩු පවරා ඇත.

ලංගම සභාපතිට සහ පාණදුර ඩිපෝ අධිකාරීට එරෙහිව පැවරූ නඩු හතක් කැඳවූ විට කළුතර දිසා ප්‍රාදේශීය ලංගම කාර්යාලය නියෝජනය කරමින් නියෝජිතයකු අධිකරණය හමුවේ පෙනී සිටියේය. අදාළ අර්ථසාධක මුදල් සහ පාරිතෝෂික මුදල් ගෙවීමට ලංගම ප්‍රධාන කාර්යාලය සූදානම් බව හෙතෙම අධිකරණයට පැවසීය.

අදාළ සේවකයන්ට, රුපියල් පනස් දහස, රුපියල් ලක්ෂය හා රුපියල් ලක්ෂ එකහමාර බැගින් ගෙවීමට මහේස්ත්‍රාත්වරයා එම නියෝජිතයාට නියම කර ඔහුට රුපියල් ලක්ෂ විස්සක ශරීර ඇපයක් අදාළ නඩු වෙනුවෙන් නියමකර මුදාහැරියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා