පින්නවල අලි අනාථාගාරයේ අලිබෙටි මාර්ගයේ තැන තැන වැටිලා

පින්නවල අලි අනාථාගාරයේ අලිබෙටි මාර්ගයේ තැන තැන වැටිලා

සංචාරකයනට අපහසුතා

පින්නවල අලි අනාථාගාරයේ දිනපතා එක්රැස්වන කසළ කෑගල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ගය ඔස්සේ සංචාරකයන් ද අපහසුතාවට පත්වන ආකාරයෙන් ගෙන යන බව ප්‍රදේශවාසීහු කියති.

මාර්ගයේ හැලෙන පරිදි ට්‍රැක්ටර් මගින් අලි අනාථාගාරයේ අපද්‍රව්‍ය බැහැරට ගෙනයන අයුරු.
ඡායාරූපය :– රඹුක්කන විශේෂ

මෙලෙස සංචාරකයන් පැමිණෙන අවස්ථාවේ මහමග ද හැලෙන ආකාරයෙන් මේ ද්‍රව්‍ය ට්‍රැක්ටර් මඟින් ප්‍රවාහනය කිරීම නුසුදුසු බව එහි පැමිණෙන සංචාරකයෝ පවසති.

මේ කසළ පින්නවල නව යකුන්වත්ත ඉදිකිරීමට යෝජිත භූමියට ගෙන යන බව පැවසේ. මේ අපද්‍රව්‍ය භාවිතාකර අලි අනාථාගාරය තුළම ජීව වායු හා කාබනික පොහොර නිෂ්පාදනය සිදුකළ හැකි බවද එයින් පරිසරයට හානියක් සිදුනොවන බවද සංචාරකයෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා