දියණියට අතවර කළැයි නඩුවේ විත්තිකාර පියා නිදොස් කොට නිදහස්

දියණියට අතවර කළැයි නඩුවේ විත්තිකාර පියා නිදොස් කොට නිදහස්

දේපළ නොදුන් තරහට පියාට කළ බොරු චෝදනාවක්

පියා විසින් දියණිය අතවරයට ලක්කළායැයි කුරුණෑගල මහාධිකරණයේ දිගහැරෙමින් තිබූ නඩුවක් විභාගයට ගත් විනිසුරු ලලිත් ජයසූරිය මහතා විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී.

පියා දියණියට කිසිම දේපොළක් නොදීම නිසා කිසියම් කෙනෙකුගේ උසිගැන්වීමක් උඩ මේ නඩුව ගොනුකර තිබෙන බැව් විත්තියේ නීතිඥවරයා මෙහිදී කියා සිටි අතර පැමිණිලිකාරිය අධිකරණයේදී කිසිම සාක්කියක් පියාට එරෙහිව පවසා නැත.

මේ නිසා නඩුව ඔප්පු කිරීමට තරම් වරදක් විත්තිකරු අතින් සිදුව නැති නිසා ඇය සාක්කි දීමට මැලිකමක් දක්වන නිසා සේවාදායකයා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. 2001 මැයි මස 28 දින හෝ ඊට ආසන්න දිනයකදී තම දියණියට පියෙක් අතවරයක් කළායැයි 365 වෙනි වගන්තිය යටතේ පොතුහැර පොලීසිය මගින් මේ නඩුව ගොනුකර තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා