නවීන වාහන පෙන්වා මුදල් වංචා කරන රාජගිරියේ යුවළක් ගැන පොලිසියට පැමිණිලි

නවීන වාහන පෙන්වා මුදල් වංචා කරන
රාජගිරියේ යුවළක් ගැන පොලිසියට පැමිණිලි

* අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත මුදා හරියි

* ගැනුම්කරුවන් ඉදිරියේ අක්කා - මල්ලි වගේ රඟපාලා

රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේ පදිංචි විවාහක යුවළක්, වාහන විකිණීමේ මුවාවෙන් කරන ලද මුදල් වංචා රැසක් පිළිබඳව අදාල පුද්ගලයන් වැලිකඩ පොලිසියට පැමිණිලි කර ඇත.ඉරිදා පුවත්පත්වල පල කරන ලද දැන්වීමක් මත පැමිණෙන අයට වාහනයක් පෙන්වා, ප්‍රථමයෙන් අත්තිකාරම් මුදලක් ලබා ගන්නා බවත්, පසුව මඟ හරිමින් සිටින බවත්, පොලිසියට ලැබී ඇති පැමිණිලිවල සඳහන් වේ.

මේ අනුව පොලිසිය මඟින් සැකකාර යුවළට විරුද්ධව නඩු පවරා ඇතත් සැකකාරිය පොලීසිය මඟහරිමින් සිටියි. අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට නිදහස් කර ඇත. මේ වනවිට විත්තිකරුට විරුද්ධව නඩු 5ක් අධිකරණයේ විභාගවෙමින් පවතී.

වාහනය මිලදී ගැනීමට එන අය ඉදිරියේ මෙම සැකකරු සහ සැකකාරිය අක්කා සහ මල්ලි මෙන් රඟපාන බවද පොලිසියට ලැබී ඇති පැමිණිලිවල දැක්වේ. සමහර අවස්ථාවල මෙම පුද්ගලයා වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කටයුතු කරන බවද පොලීසිය කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා