විද්‍යාර්ථ - සිල්වෙස්තර 25 වැනි එක්දින ගැටුම හෙට

විද්‍යාර්ථ - සිල්වෙස්තර 25 වැනි එක්දින ගැටුම හෙට

මහනුවර විද්‍යාර්ථ හා සාන්ත සිල්වෙස්තර් 25 වැනි වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය හෙට (25) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මවර විද්‍යාර්ථ කණ්ඩායම නිලුක්ෂ ගලපිටගේ විසින් මෙහෙයවනු ලබන අතර සිල්වෙස්ටර් විදුහල් පිල රුවන්ත ඒකනායක විසින් මහෙයවනු ලබයි.

මෙතෙක් පැවැති තරග 24 න් 17ක් සිල්වෙස්ටර් පිල ජයගෙන ඇති අතර 4ක් විද්‍යාර්ථ කණ්ඩායම විසින් ජයගෙන තිබේ. තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර මෙවර කණ්ඩායම් දෙකම ඉතා ඉහළ මට්ටමකින් සිටියද සාන්ත සිල්වෙස්තර් විදුහල් පිල ඉකුත්දා මහා ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ ජය ලැබීමෙන් පසු ඔවුන්ගේ ජයග්‍රාහි මානසිකත්ව තවත් ඉහළ නැංවී ඇත.

විද්‍යාර්ථ විදුහල්පති පී. ඒ. එස්. අල්විස් හා සිල්වෙස්තර් විදුහල්පති ටී. ආර්. එස්. මීටියාගොඩ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙහි කුසලාන ප්‍රදානය සිදු කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා