කුරුණෑගල මලියදේව - සාන්ත ආනා 14 වැනි එක්දින ක්‍රිකට් ගැටුම අද

කුරුණෑගල මලියදේව - සාන්ත ආනා 14 වැනි එක්දින ක්‍රිකට් ගැටුම අද

ජානක බෝගොල්ලාගම අනුස්මරණ කුසලානය සඳහා 14 වැනි වතාවට පැවැත්වෙන කුරුණෑගල මලියදේව - සාන්ත ආනා සීමිත ඕවර එක්දින ක්‍රිකට් තරගය අද (24) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මලියදේව - සාන්ත ආනා මහා ක්‍රිකට් තරගය පසුගිය වර්ෂ කීපයක් තුළදී නොපැවැත්විණි. මෙවර පැවැත්වෙන එක්දින තරගය විදුහල් දෙක අතර පැවැත්වීමට නියමිතව තිබූ මලියදේව - සාන්ත ආනා විසිඅටවන (28) මහා ක්‍රිකට් තරගය (ඇතුගල්පුර සටන) සංකේතවත් කෙරේ.

මෙතෙක් පැවති එක්දින තරගවලින් එක් තරගයක් තීරණයක් නොමැතිව අවසන්වී ඇති අතර සෙසු තරග විදුහල් දෙක සමව ජයග්‍රහණය කර ඇත. මලියදේව මෙම ක්‍රිකට් වාරයේදී තරග 16කට මුහුණදී ඇති අතර මුල් ඉනිමේ ජයග්‍රහණ 7ක් සමඟ ජයග්‍රහණ 2ක් ලබාගෙන ඇති අතර තරග 2ක් පරාජය වී ඇත. සෙසු තරග ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

සාන්ත ආනා පිල මේවනවිට තරග 16කට සහභාගිවී තරග 3ක මුල් ඉනිමේ ජයග්‍රහණ සමඟ තරග 4කින් පරාජය වී ඇති අතර සෙසු තරග ජයපැරදුමෙන් තොරව අවසන්වී ඇත. පස්වැනි වසරේ ක්‍රීඩක නිම්න කරුණාරත්න මලියදේව පිල මෙහෙයවන අතර සිව්වැනි වසරේ ක්‍රීඩක එවන් ප්‍රනාන්දු සාන්ත ආනා පිල මෙහෙයවයි.

මලියදේව ක්‍රිකට් පිළ

සාන්තආනා ක්‍රිකට් පිළ
ඡායාරූප -පොතුහැර විශේෂ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා