සාන්ත මැතිව්-සාන්ත ජෝන් 41 වැනි මහ ක්‍රිකට් ගැටුම හෙට

සාන්ත මැතිව්-සාන්ත ජෝන් 41 වැනි මහ ක්‍රිකට් ගැටුම හෙට

දෙමටගොඩ සාන්ත මැතිව් හා සාන්ත ජෝන් දෙවිවිදුහල අතර 41 වැනි මහා ක්‍රිකට් තරගය හෙට (25) කොළඹ බ්ලූම්පීල්ඩ් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ. කොළඹ ප්‍රධාන මහා ක්‍රිකට් තරගයක්ව පැවති මෙම තරගය යම් යම් අපහසුතා මැද කලක් නොපැවතුණු අතර 2006 සිට නැවත අරඹා පවත්වාගෙන යයි.

ඉහත කාලයේ දී කොළඹ සරවනමුත්තු පිටියේ ප්‍රධාන වශයෙන් ද සී.සී.සී ක්‍රීඩාංගණයේ දී ද බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනය, වෙස්ලි ශාලිකා දුම්රිය වැනි ක්‍රීඩාංගනවල දී පවත්වන ලද මෙම මහා ක්‍රිකට් තරගය මෙවර කොළඹ බ්ලූම්පීල්ඩ් ක්‍රීඩා පිටියේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සාන්ත මැතිව් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇත.

සාන්ත මැතිව් විදුහලේ පුහුණුතරු ලෙස ජගත් හෙට්ටිආරච්චි මහතා කටයුතු කරයි. එස්. පී. හර්ෂ දිලිප් කුමාර නායකත්වය දරණ අතර නිපුන මධුශංක දසනායක උප නායක ලෙස කටයුතු කරයි. සාන්ත ජෝන් විදුහලේ පුහුණුකරු වන්නේ අයි. එස්. ප්‍රනාන්දු මහතා ය. සල්මාන් රට්සින් නායකත්වය දරන අතර උප නායක ලෙස බ්‍රයින් ජෝජ් කටයුතු කරයි.

සැන්ත මැතිව් විද්‍යාලයීය කණ්ඩායම
ඉදිරි පෙළ (වමේ සිට) මොහොමඩ් අක්‍රම්, හේමාලි කුරේ (භාර ආචාරිනිය), හර්ෂ දිලිප් කුමාර් (නායක), ජයන්ත මොහොට්ටාල (විදුහල්පති), නිපුන මධුශංක (උප නායක), ජගත් හෙට්ටිආරච්චි (පුහුණුකරු) සුරංග ප්‍රදීප්. දෙවැනි පෙළ - ප්‍රදීප් ප්‍රසන්න, ලෝචන රන්තිලිණ, මොහමඩ් සන්නර්, සලිත පෙරේරා, තුවාන් රීසා අජිත් කුමාර, මොහොමඩ් ශාදීල් හර්ෂ සිල්වා. තුන්වැනි පෙළ - මනෝ රන්ජන්, මොහොමඩ් හොරොස්, ඉරෝෂ් උඩුවඩුගේ, සුපුන් සඳකැළුම්, දනුෂ් කුමාර, හර්ෂණ රැකව (ඡායාරූපයේ නොමැත)

ශාන්ත ජෝන් විද්‍යාලයීය කණ්ඩායම
ඉදිරිපෙළ (වමේ සිට) සල්මාන් රම්සින් (නායක), අයි. එස්. ප්‍රනාන්දු (පුහුණුකරු), එච්. ජී. පී. ලක්‍ෂමන් (භාර ආචාර්ය), ගාමිණී වනිගරත්න (විදුහල්පති), ලක්මාලි ආනන්දගොඩ (උප විදුහල්පති), බ්‍රයන් ජෝජ් (උප නායක). දෙවැනි පෙළ - අංජන ලක්ෂාන්, කවිදු හර්ෂ, එම්. වයි. එම්. රියාස්, මූසා අලි, එම්. ඩබ්ලිව්. එම්. රෂාඩ්. තුන්වැනි පෙළ - එච්. ආර්. එම්. සෆ්රාස්, අකාශ් ඩේයින්, එම්. එම්. එම්. ඉන්ෂාෆ්, කේ. එම්. නිපුන පමෝද්‍ය, එස්. දයාන් නිරෝෂන්, ටී. ඒ. එම්. අෆ්රාස්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා