විදෙස් රටක නිපදවූ පිස්තෝලයක් සමඟ අයෙක් අල්ලාගනීී

විදෙස් රටක නිපදවූ පිස්තෝලයක් සමඟ අයෙක් අල්ලාගනීී

ූරියවැව පදලංගල මාර්ගයේ පොලිස් මාර්ග බාධකයේදී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද රිවෝල්වරයක් සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 21 දා රාත්‍රී 8.30 පමණ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරු පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමේදී ඔහුගේ යට ඇඳුම තුළ සඟවාගෙන සිටි M.M.220 වර්ගයේ විදේශීය රටක නිෂ්පාදනය කරන ලද රිවෝල්වරයක් හමුවී ඇත. මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහුට අයත් ඉඩමක සඟවා තිබූ බෝර 12 පතරොම් භාවිතා කරන මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන තිබේ.

මල්සපුගල පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක අබේසිංහ මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සමග ගිනි අවි සූරියවැව පොලිසියට භාරදී ඇත. මෙම ගිනි අවිය සහ රිවෝල්වරය කිසියම් ජීවිත විනාශයකට භාවිතා කරන ලද ඒවාදැයි සොයා බැලීමට සූරියවැව පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. ගිනි අවි සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සූරියවැව විහාරගල සිරිල්පුර පදිංචි කරුවෙකි. සැකකරු සමග භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා