රැකියාවට ගිය මුල් දිනයේම තරුණිය අතවරයට ලක්වෙලා

රැකියාවට ගිය මුල් දිනයේම තරුණිය අතවරයට ලක්වෙලා

සැකකරු සොයා පරීක්ෂණ

දාහත් වියැති තරුණියක දූෂ්‍ය කැර සැඟවී සිටින සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලිසිය පරීක්ෂණ පවත්වයි. කුරුවිට – එරත්න ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය නගරයේ ඇඟළුම් කම්හලක රැකියාවක් සඳහා ගිය පළමු දිනයේදී සේවය නිමකර ආපසු නිවසට එද්දී මේ අතවරයට ලක් වූ බවට පොලිසියට පැමිණිලි කර තිබේ.

නිවසට යාමට වාහනයක් බලාපොරොත්තුවෙන් පාරේ රැඳී සිටියදී එම ස්ථානයට පැමිණි සැකකරු තම ත්‍රිරෝද රථයෙන් ඇයව නිවසට ඇරලවිය හැකි බව පැවසීම නිසා ඇය ත්‍රිරෝද රථයට ගොඩවූ බවත් පාළු ස්ථානයක ත්‍රිරෝද රිය නවතා තමා දූෂ්‍ය කළ බවත් ඇය පොලිසියට පවසා ඇත.

මේ පිළිබඳ තම පියාට පැවසූ බවත්, ඇයට ඇති වූ යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් රත්නපුර රෝහලට ඇතුළත් වූ බවද ඇය කියා සිටී. රෝහලෙන් ලැබී ඇති වෛද්‍ය වාර්තාවේද සඳහන්ව ඇත්තේ ඇය දූෂණයට ලක්ව ඇති බවකි. කුරුවිට පොලිස් ස්ථානාධිපති පො.ප. ආර්. පී. සිරිවර්ධන මහතාගේ උපදෙස් පිට පරීක්ෂණ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා