අෂ්ඨක කියන වැඩිහිටියාට ජය මංගල ගාථාව අමතක වෙලා

අෂ්ඨක කියන වැඩිහිටියාට ජය මංගල ගාථාව අමතක වෙලා

පුංචි ළමයෙක් ඉදිරිපත් වී නව යුවළට සෙත්පතයි

සීයෙ, සීයට ගාථාව අමතක වුණාද? මම නම් දන්නව ඔය ගාථාව කියන්න. අපේ ස්කෝලෙදී ටීචර් ඔය වගේ ගාථා ගොඩාක් උගන්වලයි තියෙන්නෙ. මම දහම් පාසලේදීත් ඉගෙන ගත්ත. සීයට කියන්න මතක නැත්නම් මම ගාථාව කියන්නම්.

මංගල පෝරුවෙ චාරිත්‍ර සිදුකළ වැඩිහිටි පුද්ගලයකු නව යුවළට ආශීර්වාද කරපු “භවතු සබ්බ මංගලම්” ගාථාවේ පද දෙකක් අමතක වෙලා. ඒ පද දෙක කියන්න ඉදිරිපත් වූ පුංචි පුතෙක්ගෙ හපන්කමක් පිළිබඳ වාර්තා වුණේ රත්නපුර ප්‍රදේශයේ හෝටලයකිනි.

අපි මේ මනාල ජෝඩුව සමන් සහ නිල්මිණි යනුවෙන් හඳුන්වමු.

වසර කීපයක් පෙමින් බැඳුණු සමන් හා නිල්මිණි, දෙපාර්ශ්වයේම ආශීර්වාදය මැද විවාහ ගිවිස ගත්තෙ මීට මාස කීපයකට ඉහතදී. විවාහ මංගල උත්සවය ගත්තෙ පසුගිය දිනක රත්නපුර ප්‍රදේශයේ හෝටලයක. උත්සවය සඳහා දෙපාර්ශ්වයේම මවුපියෝ, ඥාතිවරුන් සහ හිතවතුන් පැමිණ සිටියහ.

මෙදින පෝරුවේ චාරිත්‍ර සහ අෂ්ඨක කියවීම සඳහා ඒ සඳහා පළපුරුදු ප්‍රදේශයේ වයස අවුරුදු 65 ක පමණ වැඩිහිටි අයකු සිදුකළා.

ඔහුගේ ඊළඟ කාර්ය වුණේ දෙදෙනාට ආශිර්වාද කිරීමේ ගාථාවන් කීම. ඔහු විසින් ශබ්ද නඟා “භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා” යන ගාථාවේ පද දෙකක් කිව්වත් ඉතිරි පද දෙක ඔහුට අමතක වුණා. දැන් ඔහු විනාඩියක් දෙකක් පමණ කල්පනාවක. දෙපාර්ශ්වයේම අය මූණට මූණ බලාගත්තා. නව යුවළත් පුදුමවෙලා බලා ඉන්නව. එතන සිටිය අවුරුදු 11 පමණ පුංචි පුතෙක් එක්වරම ඉදිරියට ආව. සීයේ, සීයට ගාථාව අමතක වුණාද? මම නම් දන්නව ඔය ගාථාව කියන්න. අපේ ස්කෝලෙදී ටීචර් ඔය වගේ ගාථා ගොඩාක් අපට කියා දුන්නා. මම දහම් පාසලේදීත් ඉගෙන ගත්තා. සීයට කියන්න මතක නැත්නම් මම කියන්නම්.

සීය කිව්වෙ, අනේ පුතේ බලන්නකො අච්චර හොඳට කියපු මට මේක අමතක වුණානෙ. මගේ දිව අගම තියෙනව. ඒත් කියවෙන්නෙම නැහැනෙ. එහෙම නම් සීයෙ මම පටන් ගන්නම් අපි දෙන්නම කියමු කියල.

පුංචි පුතා මංගල ශාලාවටම ඇහෙන්න ගාථාව කිව්ව. සීයත් පුතා සමඟ ගාථාව කිව්ව. ඒත් සීයට නම් වැඩේට ලැජ්ජයි. වැඩිහිටි කීප දෙනෙක් පුතාගෙ හිස අතගාමින් පුතා වර්ණනා කළා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා