හොල්මන් කතා කියමින් සිටි මිතුරන් මැදට ‘මෝහිණී’ හදිසියේම කඩා වැදිලා

හොල්මන් කතා කියමින් සිටි මිතුරන් මැදට ‘මෝහිණී’ හදිසියේම කඩා වැදිලා

මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිලාවතුර ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක මිනුම් කටයුතු කළ කම්කරුවන් දෙදෙනෙකු වූ නිමල් ජයන්ත හා බැසිල් පෙරේරාට අත්විදීමට සිදුවූ අපූරු පුවතකි මේ.

දිවාකාලයේ මිනුම් කටයුතු හමාර කළවිට මිනින්දෝරු මහතා ළඟම ඇති තානායමකට යන අතර නිමල් හා බැසිල් වාඩියට වී බතක් මාළුවත් උයාගෙන වාඩියේ දෙපසක තබා තිබූ බූරු ඇඳන් දෙකකට වී ආගිය තොරතුරු කියමින් නින්ද යනතුරු සිටීම දෛනික පුරුද්දකි.

එදින ඔවුන්දෙපළ කතාකරමින් සිටිය අවතාර හොල්මන් යක්ෂයන් ප්‍රේතයන් ගැන පොත්පත්වලින් කටකතාවලින් කියවා අසා ඇති හොල්මන් ගැනයි.

ඔවුන් සිටි වාඩියේ දොරක් නැත. ටකරන් තහඩුවකින් යන්තමට ආවරණය කොට ලන්තෑරුමක එළියෙන් සිටි හොල්මන් කතා කියමින් සිටින අතරවාරයේ හිටි හැටියේම දොරකඩ ආවරණය කොට තිබූ තහඩුව මදක් සෙලවී බිම පතිතවිය. තරමක් බියට පත්වූයේ ඔවුන් කතාකරමින් සිටියේ යකුත් හා අමුනුස්සයන් ගැන වීම නිසාය. තවත් මොහොතක් ගතවිය. ඔවුන්ගේ බිය දෙගුණ තෙගුණ කරමින් වැලහින්නක් මෙන් කොන්ඩය කඩාගත් නිරුවත් කාන්තාවක් ඔවුන් සිටි බූරු ඇදන් දෙක අතරට පතබෑවිනි.

බුදු අම්මෝ! යනුවෙන් දෙදෙනාටම එකවර කියවුන අතර, ඉතිපිසෝ ගාථාව සම්පූර්ණයෙන් කීමට තරම් දෙදෙනාට සිහියක් නොතිබුණි. පතබෑවුන නිරුවත් කාන්තා සිරුර හැල හොල්මනක් නැතිව තවමත් එසේමය. විනාඩි කිහිපයකින් සිහි එළවාගත් දෙදෙනාටම මේකි හොල්මනක් නෙවෙයි වගේ බලමු ටිකක් යැයි සිතිනි.

ඉනෙන් පහළ කොටස නිරුවත් වුනත්, ඇඳ සිටි, හැට්ටය ඉතිරිව තිබිණ. එහෙත් තැනින් තැන ඉරී ඇත. ලන්තෑරුම ගෙන හිමිහිට ලංවී බැලූවිට ඇගේ සියොලඟ සීරී ලේ වහනය වෙමින් තිබිණ.

වහාම පොරොනයකින් කාන්තාවගේ ශරීරය වැසූ දෙදෙනාම වතුර ඉසිමින් ඇය ප්‍රකෘති සිහිය ගත්තාය. අක්කේ බයවෙන්න එපා බොන්න මේ වතුර ටික. කියමින් දුන් වතුර වීදුරුව එක හුස්මට ගිලදැමූ කාන්තාව තමන්ට සිදුවූ අකරතැබබය නිමල්ට හා බැසිල්ට පැවැසුවාය.

මේ කාන්තාවත් ඇයගේ දියණියත් සැතපුම් තුනහතරක් දුරින් ඇති කොන්ඩච්චිය කඩපලෙන් එදිනෙදා පහේ බඩු හාල් රැගෙන එමින් සිටින විට එකවරම තනි අලියා ඉදිරියට ඇවිත් කිසිවක් කරගියාගත නොහැකිව දෙදෙනා බඩු මළු බිම දමා දෙපසකට දිවගොස් ඇත.

හැල්මේ දිව් ආ කාන්තාවට නිමල්ලාගේ වාඩියේ ලන්තෑරුම් එළිය දැක ඒ දෙසට පැමිණ ඇත. අනේ මල්ලියේ කෙල්ලට මොනවා වුනාද දන්නේ නැහැ. හොයා බලමු මල්ලියේ කියනවිට හිතේ බිය පහවූ දෙපළ ටෝච් එක රැගෙන යන්නට විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා