ආසියානු මලල ක්‍රීඩා ලේකම් හෙට ශ්‍රී ලංකාවට

ආසියානු මලල ක්‍රීඩා ලේකම් හෙට ශ්‍රී ලංකාවට

ජුනි මස 09 වන දින සිට 12 වන දින දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 15 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මූලික කටයුතු සොයා බැලීම සඳහා ආසියානු මලල ක්‍රීඩා සංගමයේ ලේකම් - භාණ්ඩාගාරික මොරිස් නිකොලොස් මහතා 27 ඉරු දින ශ්‍රී ලංකාවට පැමිණේ.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී මැයි මස 21 දින ආසියානු මලල ක්‍රීඩා සංගමය අදාළ තරඟාවලිය අවලංගු කිරීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා මලල ක්‍රීඩා සංගමය ආසියාතික රටවල මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවීමට ගිය අසාධාරණය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ශ්‍රී ලංකාව සත්කාරක රට වශයෙන් මෙතෙක් ඉටු කර ඇති කාර්යභාරය පිළිබඳ අවධානය කිරීමෙන් අනතුරුව, ආසියානු මලල ක්‍රීඩා සංගමය ගත් තීන්දුව වෙනස් කරමින් ශ්‍රී ලංකාව සැලසුම් කළ පරිදිම එම තරඟාවලිය පැවැත්වීමට අවසර ලබා දුන් අතර, මෙම සිදුවීම පිළිබඳ ආසියානු මලල ක්‍රීඩා සංගමය සිය කනගාටුවද පළ කළේ ය.

මේ ඉරිදා දිවයිනට පැමිණෙන මොරිස් නිකොලොස් මහතා ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙන සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය ඇතුළු සියලුම අංශ පරීක්ෂා කෙරෙන අතර සත්කාරක රට වශයෙන් ශශ්‍රී ලංකාව මෙතෙක් ඉටු කර ඇති කාර්යභාරය පිළිබඳව ද නිරීක්ෂණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා