සාන්ත ජෝසප් 41–26 කින් කිංග්ස්වුඩ් පරදවයි

සාන්ත ජෝසප් 41–26 කින් කිංග්ස්වුඩ් පරදවයි

පල්ලකැලේදී පසුගියදා පැවති ‘ඒ’ කොටසේ පාසල් රගර් තරගයකින් කොළඹ සාන්ත ජෝසප් විදුහල විසින් මහනුවර කිංස්වුඩ් විදුහල පරදවා ලකුණු 41 (ඩ්‍රොප් ගෝල් 1 යි, උත්සාහක දිනුම් 7 දඬුවම් පහර 1) – 26 (ගෝල් 3 උත්සාහක දිනුම් 1) ක ජයක් වාර්තා කරන ලදී.

පළමු භාගය අවසානයේ සාන්ත ජෝසප් පිල ලකුණු 20 – 14 වශයෙන් ඉදිරියෙන් සිටියේය. මෙම තරගයේ විශේෂ සිද්ධිය වූයේ සාන්ත ජෝසප් පිලේ නායක යොහාන් කීසර් පිට පිට උත්සාහයක දිනුම් 3ක් ලබා ගැනීමය. කිංස්වුඩ් පිල වෙනුවෙන් ‘වින්ග්’ ඉරංග ආරියපාල කැපී පෙනුනි.

සමස්තයක් ලෙස ගත් කළ කිංස්වුඩ් විදුහල පළමු භාගයේ දක්ෂ ලෙස ක්‍රීඩා කළත් දෙවැනි භාගයේ එතරම් හොඳින් ක්‍රීඩා කළ බවක් නොපෙනුණි. එහෙත් සාන්ත ජෝසප් පිල තරගය පුරාම එක ලෙස දක්ෂ ලෙස ක්‍රීඩා කිරීම ඔවුන් දෙවැනි භාගයේ දී ලකුණු 21 ක් ලබාගැනීමෙන් පැහැදිලි වේ.

ගාමිණී ඉන්ද්‍රසේන මහතා තරගය විනිශ්චය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා