ගල්වාන ත්‍රෂ් ෆිට්නස් ක්‍රිකට් තරගාවලිය හෙට අංගොඩදී

ගල්වාන ත්‍රෂ් ෆිට්නස් ක්‍රිකට් තරගාවලිය හෙට අංගොඩදී

අංගොඩ ගල්වාන ත්‍රෂ් ෆිට්නස් ක්‍රීඩා සමාජය සංවිධානය කරන වාර්ෂික ක්‍රිකට් තරගාවලිය හෙට (27) අංගොඩ ටී.බී.ඉලංගරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ත්‍රෂ් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ නිර්මාතෘ ශ්‍රී ලාල් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා කුසලානයක් හා සහතික පත් ලබා දීමට නියමිතය.

මීට අමතරව හොඳම පිතිකරුවා, හොඳම පන්දු යවන්නා හා දක්ෂතම ක්‍රීඩකයාට සම්මාන ලබා දීමටද කටයුතු යොදා ඇතැයි සංවිධායකයෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා