හමුදා භටයන් තේ බොද්දී රියැදුරු බසය සමඟ අතුරුදන්

හමුදා භටයන් තේ බොද්දී රියැදුරු බසය සමඟ අතුරුදන්

ශ්‍රී ලංකා යුද හමුදාවට කුලී පදනම මත ලබාදී තිබූ පෞද්ගලික බස් රථයක් එහි රියැදුරු විසින් බලධාරීන්ට නොදන්වා රැගෙන යද්දී හබරණ පොලීසිය මගින් පසුගිය 7 දා සවස අත්අඩංගුවට ගෙන ඇත.

පුනානි ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරකට මෙම බස්රථය එහි අයිතිකරු විසින් මීට දින කිහිපයකට පෙර ලබා දී ඇත. හමුදා කඳවුරෙන් පිටතට රාජකාරි කටයුත්තකට හමුදා නිලධාරීන් සමඟ යමින් සිටියදී තේ පානය සඳහා බස්රථය නවතා හමුදා නිලධාරීන් බැසගොස් ඇත.

මේ අවස්ථාවේ දී මෙම රියදුරු විසින් මෙසේ බස් රථය රැගෙන ගොස් ඇති අතර ප්‍රශ්න කිරීමේදි පවසා ඇත්තේ අයිතිකරුට භාරදීමට රැගෙන ගිය බවයට. යුධ හමුදාවේ සේවයට යෙදවීමෙන් බස්රථයට අනතුරක් වෙතැයි සිතා මෙසේ බස් රථය රැගෙන ගියබව ඔහු පවසා ඇත.

යුධ හමුදා නිලධාරීන් විසින් 119 ට කළ දැනුම් දීමකට අනුව හබරණ පොලීසිය මගින් මෙම බස් රථය හා රියදුරු අත්අඩංගුවටගෙන ඇත. වැඩිදුර පරීක්ෂණ හබරණ පොලීසිය මගින් සිදුකෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා